අප විසින් සිදු කරන්නේ කුමක් ද?

සත්‍යය සහ ප්‍රතිසන්ධාන ‍යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් සිදු කරන කාර්යභාරය :

    • යෝජිත සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කොමිසම පිළිබඳ පනත් කෙටුම්පත සඳහා මහජන උපදේශන සාකච්ඡා පවත්වමින් ඔවුන්ගේ අදහස් ලබාගැනීම.
    • උතුරු හා නැගෙනහිර ගැටුම් සම්බන්ධයෙන් කලින් කලට රජය විසින් පිහිටුවන ලද විවිධ කොමිෂන් සභා සහ ඒ සම්බන්ධයෙන් වූ විවිධ යාන්ත්‍රණයන් විසින් නිකුත් කරන ලද වාර්තා විශ්ලේෂණය කිරීම, එකී වාර්තාහි නිර්දේශ ක්‍රියාත්මක නොවීමට බලපෑ හේතු හඳුනා ගැනීම සහ යෝජිත කොමිසම මඟින් ක්‍රියාත්මක කල හැකි නිර්දේශ ඉදිරිපත් කිරීම.
    • යෝජිත කොමිසම වෙනුවෙන් උගත් පාඩම් හා යහපත් භාවිතයන් පිළිබද මාර්ගෝපදේශ සකස් කිරීම සදහා අදාළ අනෙකුත් නීති සහ අනෙකුත් රටවල දැනට පවතින සත්‍යය හා සංහිඳියාව සම්බන්ධ යාන්ත්‍රණයන් අධ්‍යයනය කිරීම.
    • ශ්‍රී ලංකාව තුළ සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳ විධිමත් හා ඒකාබද්ධ රාජ්‍ය ආඛ්‍යානයක් වර්ධනය කිරීම.
    • යෝජිත සත්‍යය සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාවේ විධානය ක්‍රියාවේ යෙදවීම සඳහා සැලකිල්ලට ගැනීම පිණිස ක්‍රියාපටිපාටි හා මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම.
    • යෝජිත සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කොමිෂන් සභාව සඳහා සම්මුති ගොඩනැගිම සඳහා ඊට අදාළ පාර්ශවකරුවන් හා සම්බන්ධ වීම.
    • තාක්ෂණ විශේෂඥභාවය හා සහයෝගය සඳහා දේශීය හා අන්තර්ජාතික පාර්ශවකරුවන් සමග සම්බන්ධ වීම.
    • මහජනයා දැනුවත් කිරීම උදෙසා අන්තර්ගතයන් සංවර්ධනය කිරීම සහ මාධ්‍ය මඟින් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
    • යෝජිත සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කොමිෂන් සභාව නිල වශයෙන් ස්ථාපිත කළ පසු ඊට අදාළ පැමිණිලි හා සිද්ධි වාර්තාකරණය සදහා කළමණාකරණ පද්ධතියක් සංවර්ධනය කිරීම.