සත්‍යය සහ ප්‍රතිසන්ධාන ‍යාන්ත්‍රණයේ
අන්තර්වාර ලේකම් කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු.

සත්‍යය සහ ප්‍රතිසන්ධාන ‍යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි අරමුණ වනුයේ වසර 1983 සිට 2009 දක්වා කාල පරිච්ජේදය තුළ හා/හෝ ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිදුවූ ගැටුම් අතරතුර දී හෝ ඒ හා සාධාරණ ලෙස සම්බන්ධව හෝ එහි ප්‍රතිපලයක් ලෙස හෝ පසු විපාක වශයෙන් ශ්‍රී ලංකාවේ කවර හෝ ස්ථානයක දී පීඩාවට හා බලපෑමට ලක්වූවන් හට අර්ථවත් සහන, ප්‍රතිකර්ම හා ඉන් සිදුවූ බලපෑම් නිමා කිරීමේ අදිටනින් සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සදහා වන ‍ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම උදෙසා විනිවිද භාවයෙන් යුතු, උපදේශාත්මක සහ ඵලදායි වාතාවරණයක් ඇති කිරීම වේ.
සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය
සම්බන්ධයෙන් කොමිෂන් සභාවක්
අවශ්‍ය වන්නේ ඇයි?

unity1
unity2

reconciliation3
reconciliation1
Shadow

ගැටුමක ප්‍රතිවිපාක හුදෙක් භෞතික වශයෙන් සිදුවන ජීවිත හෝ දේපළ හානි වලින් ඔබ්බට ගොස් හිංසන, සහ හෝ කම්පන වැනි අත්දැකීම් ඇති කල හැකිය.

“... තනි සත්‍යයක් නොමැති බවත් ඒ වෙනුවට හානියේ අත්දැකීම් රාශියක් තිබෙන බවත් පැහැදිලියි. ඒ අනුව මෙම [කොමිසම] පීඩාවට පත් සියළු ප්‍රජාවන්ගේ කථාවන්ට සාක්ෂි දරන සහ ඒ වෙනුවෙන් ක්‍රියාකරන වේදිකාවක් විය යුතු වන බවට ප්‍රබල ඉල්ලීමක් මෙම ඉදිරිපත් කිරීම්වලින් නියෝජනය වේ.” (සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්යසාධක බලකායේ අවසන් වාර්තාව, 2016)

සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්යසාධක බලකාය (CTF 2016) විසින් පීඩාවට පත් ප්‍රජාවන්ගේ ඉදිරිපත් කිරීම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංහිඳියා ක්‍රියාවලියේ තීරණාත්මක අංගයක් ලෙස සත්‍යය ප්‍රකාශ කිරීම සහ සත්‍යය සොයාගැනීම සඳහා කොමිසමක් පිහිටවිය යුතු බවට යෝජනා කර ඇත.