• පීඩාවට පත්ව ඇති ප්‍රජාවට හඬක් හා නියෝජනයක් වශයෙන්.
  • සැගවී යන උල්ලංඝනය කිරීම් පිළිගැනීම මඟින්.
  • නිර්දේශයන් මඟින් වැඩිදුර යුක්තිය ඉටුකිරීමට අවස්ථාවක් ලැබීම.
  • බෙදී ගිය ප්‍රජාවන් අතර අවබෝධය ඇති කිරීම හා සානුකම්පාව ඇති කිරීමට උපකාරී වීම.
  • රජයේ සංහිඳියාව හා සමානාත්මතාව පිළිබඳ කැපවීම පෙන්නුම් කිරීම මඟින් නිහඩ සංස්කෘතියක ස්වභාවය වෙනස් කරමින් වඩා විනිවිද පෙනෙන විවෘත සංස්කෘතියක් පෙන්නුම් කරයි.
  • නැවත ඇතිනොවීමට නිර්දේශ නිකුත් කරයි.

යුද්ධයෙන් සිදුවන බලපෑම ශාරිරික හානි හා දේපල හානි වලින් ඔබ්බට ගිය නොපෙනෙන හා මානසික පීඩාකාරී අත්දැකීමක් වන්නේය. එකී බලපෑම් ඉතා ගැඹුරට කා වැදුන හා දීර්ඝ කාලින වන්නේය. එම වින්දිතයන් නිහඬ ව සිටියද, ඔවුන්ගේ දුක් ගැනවිලි වලට ආමන්ත්‍රණය නොකළ ද , එකී ප්‍රජාවන් අතර තිබෙන දීර්ඝ කාලින තුවාල කැළැල් ඔවුන් තුළ අවිශ්වාසි බව හා අසමගිය නිර්මාණය කරයි.

දීර්ඝ කාලින සාමය හා තුලනාත්මක සංවර්ධනය සදහා සත්‍යය කියා පෑමේ හා සත්‍යය සෙවීම සඳහා පරිසරයක් ඇති කිරීම අවශ්‍ය වේ. සාක්ෂි වර්තාගතකරණයට, සිදුවී ඇති උල්ලංඝනය වීම් පිළිගැනීම හා යුක්තිය ඉටු කිරීම අසීරු කාරණා වේ. ශ්‍රී ලංකා රජය මඟින් දැනටමත් අතුරුදහන් වුවන් පිළිබද කාර්යාලය, හානි පුර්ණය සදහා වන කාර්යාලය සහ ජාතික සමගිය හා සංහිදියාව පිළිබද කාර්යාලය පිහිටුවා ඇත. ඉහත සදහන් කල සංවිධාන මඟින් සංහිදියාව සම්බන්ධ පුළුල් ආකෘතියේ කොටසක් බවත්, එමඟින් එකට එක්ව ඉතා ශක්තිමත් අනාගතයක් ගොඩනැඟීම උදෙසා මෙතෙක් සිදුවී ඇති උල්ලංඝනය වීම් නිමාවට පත් කරමින් වින්දිතයන් සදහා ඉතා ශක්තිමත් අනාගතයක් ගොඩනැගීම උදෙසා එකට එක්ව ක්‍රියා කරයි.

පාර්ලිමේන්තු පනතක් මඟින් ස්වාධින කොමිසමක් ලෙස යෝජිත සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිසම පිහිටුවනු ලබයි.

එකී කෙටුම්පත කොමිසමේ නීති හා ප්‍රතිපත්ති ආකෘතින්ගෙන් සමන්විතව ගැසට් නිවේදනයක් කර ඇති අතර එය පාර්ශවකරුවන්ගේ නිරීක්ෂණ හා අදහස් සඳහා විවෘත ව ඇත. ඒ අනුව සත්‍යය හා ප්‍රතිසන්ධානය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් එකී නිරික්ෂණ හා අදහස් සලකා බලන අතර එම කෙටුම්පතේ නිසි වෙනස් කිරීම් සිදු කිරීමට අවශ්‍ය යෝජනා සිදු කරයි.

ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපති වරයා විසින් කොමිසමේ සාමාජිකයන් පත් කිරීම සිදු කරයි.

බලතල හා කාර්යභාරයන්ට ඇතුලත් වනුයේ;

  • නැවත සිදු නොවීම, සංහිදියාව, සාමය ප්‍රවර්ධනය සඳහා වන ක්‍රියාවලිය සදහා මුලිකත්වය දීම.
  • අනිකුත් පුර්ව කොමිසම් හි කාර්යයන් ක්‍රියාත්මක කිරීම.
  • විදේශ රාජ්‍යයන්හි සහයෝගය තහවුරු කිරීමට රජයේ සහයද, රජයේ බලධාරීන්, පොලිසිය හා ප්‍රජා නායකයින්ගෙන් ද සහය ඉල්ලා සිටීම.
  • නිතිය ක්‍රියාත්මක කරන ආයතන හා පැමිණිලි විභාග කරන ආයතන වෙත කරුණු යොමු කිරීම.
  • කොමිසමේ අරමුණු සැපිරීම සදහා අතුරුදහන් වුවන්ගේ කාර්යාලය, හානි පුර්ණ කිරීමේ කාර්යාලය හා ජාතික සමගිය, සංහිදියාව සදහා වූ කාර්යාලයේ පුද්ගලයන්, අදාල බලධරයන් සමඟ ගිවිසුම් වලට එළඹීම.
  • සත්‍යය සෙවීම සඳහා වූ සාක්ෂි පිළිගැනීම, හඳුනාගත් ස්ථාන පරීක්ෂණය හා සොයා බැලීම, ඕනෑම පුද්ගලයකුගෙන් රහසිගතව තොරතුරු ලබාගැනීම. විවෘත/සංවෘත විමසීම්.

පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවයි : යෝජිත සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිසම රජයන් කලින් කලට වෙනස් වීම අදාල නොවන අතර ස්වාධිනව ක්‍රියාත්මක වන ආයතනයක් වේ.

වින්දිත කේන්ද්‍රීය : සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිසම විසින් වින්දිත කේන්ද්‍රීය සහ වින්දිතයන්ගේ දුක් ගැනවිලි වලට ආමන්ත්‍රණය කරමින් අනාගතයේ එවැනි ගැටුම් නැවත ඇති වීම වලක්වමින් නිර්දේශ නිකුත් කරයි.

පුර්ව කොමිසම් හි නිර්දේශ : - සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිසම විසින් පුර්ව කොමිසම් මඟින්  සිදු කර ඇති නිර්දේශ සලකා බලමින් ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම.

වෙනත් මුලික ලක්ෂණ : දේශීය හා අන්තර්ජාතික විශේෂඥගෙන් සමන්විත උපදේශාත්මක ආයතනයක් මඟින්  සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කොමිසම විසින් කරනු ලබන නිර්දේශ මෙහෙයවනු ලබයි. තවදුරටත්, සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කොමිසම මඟින් සිදු කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සදහා අධීක්ෂණ කමිටුවක් ස්ථාපිත කෙරේ. එමෙන්ම, ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තුව මඟින්  ඉදිරිපත් කෙරෙන සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිසම මඟින් නිකුත් කරනු ලබන නිර්දේශ ප්‍රකාශයට පත් කෙරේ.