සම්මුතිය සඳහා ශ්‍රී ලංකා සාමූහිකය (SLCC) සමඟ රැස්වීම

2023 නොවැම්බර් මස 15 වන දින සත්‍යය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ නියෝජිතයන් විසින් ශ්‍රී ලංකා සම්මුතිය සඳහා වූ සාමූහිකයේ (SLCC) නියෝජිතයන් හමු විය. SLCC නියෝජිතයන් අතර විශාකා ධර්මදාස, පූජ්‍ය. කළුපහන පියරතන හිමි, ආචාර්ය පාකියසෝති සරවනමුත්තු, ආචාර්ය ජෙහාන් පෙරේරා, ජෝ විලියම්, ආචාර්ය දයානි පනාගොඩ සහ වී.කමලදාස් යන මහත්ම මහත්මීන් විය. මෙම රැස්වීමේදී ආචාර්ය අසංග ගුණවංස මහතා විසින් ISTRM ස්ථාපනය කිරීමේ පසුබිම සහ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමේ වත්මන් ප්‍රගතිය ඉදිරිපත් කරන ලදී. වින්දිතයන් කේන්ද්‍ර කරගත් සාක්ෂි එකතු කිරීම අවධාරණය කරමින් ඔහු යෝජිත කොමිසමේ පැතිකඩයන් පැහැදිලි කරන ලදී. මීට SLCC හි සහය පල කිරීම වශයෙන් සිවිල් සමාජ කණ්ඩායම් සමග ISTRM සම්බන්ධ කිරීමට හා ඔවුන්ගේ අදහස් උදහස් ලබා දීමට එකඟ වන ලදී. මෙම යෝජිත කොමිසම වඩාත් අර්ථවත් සහ ඵලදායී බවට පත් කිරීම සඳහා සත්‍යය යන අංගයට ප්‍රමුඛත්වය ලබා දීම වැදගත් බව ආචාර්ය දයානි පනාගොඩ අවධාරණය කරන ලදී. ත්‍රිවිධ හමුදාවන් ගෙන් මේ සඳහා අදහස් සහ සහයෝගය ලබා ගනිමින් ඔවුන්ගේ දායකත්වය මෙම ක්‍රියාවලිය සඳහා ලබා ගත යුතු බව ආචාර්ය සරවනමුත්තු විසින් යෝජනා කරන ලදී. සත්‍යය සෙවීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සහයෝගයෙන් කටයුතු කිරීමට SLCC සිය කැමැත්ත පළ කරන ලදී.  ඒ සඳහා සහයෝගය පලකිරීමේ මූලික පියවරක් සහයෝගය පලකිරීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද මෙහිදි යෝජනා විය.